මාතරදී පොහොට්ටුවෙන් ජය ලැබුවෝ දිවුරුම් දෙති


(අනීෂා මානගේ) 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයට  ඉදිරිපත් වී ජයග්‍රහණය කළ මන්ත්‍රීවරු අතරින් මාතර මහ නගර සභාව, මාතර ප්‍රාදේශීය සභාව හා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව සදහා තෝරාගත් සභාපතිවරු හා උප සභාපතිවරු  අද (25) තංගල්ල කාර්ල්ටන් නිවසේදී  දිවුරුම් දුන්හ. 

මාතර මහනගර සභාව සඳහා සභාපති ලෙස රංජිත් යසරත්න , උප සභාපති ලෙස චතුර කරුණාරත්න , මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස පී.විමල් ,  කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස සංජීව ප්‍රියනාත් යන මහත්වරු තේරී පත්ව සිටියහ.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ මොවුන් දිවුරුම් දෙනු ලැබු අතර   මේ අවස්ථාවට දකුණ පළාත් සභා මන්ත්‍රි මාතර දිස්ත්‍රික් සංවිධායක අනුර ගුණරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.