මාකඳුරේ ඉන්ධන හළකින් මුදල් කොල්ල කාලා



(හේමලතා ඩී   හේවගේ)  

                                       
මාකඳුර නගරය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හළකට අද (3) අලුයම අංක තහඩු නොමැති මෝටර් රථයකින් හිස්වැසුම් පැළඳ පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් මන්නා පිහි පෙන්වා  එහි සේවකයන් බියගන්වා ඔවුන් ළඟ තිබූ රුපියල් 70,000ක් රැගෙන පලා ගොස් ඇති බව පන්නල පොලීසිය කියයි.
                                                                                         
මොවුන් දෙදෙනා ශරීරය ආවරණය වන සේ ජැකට් ඇඳ සිටි බවත් ඔවුන් මාකඳුර දෙස සිට පැමිණ මුදල් පැහැර ගෙන නැවත එම දෙසටම පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.