(චන්දන ප්‍රනාන්දු)
මැටිකොටුව මාඔයේ රක්ෂිතයේ නීතිවිරෝධී අයුරින් වැලි ගොඩදමා ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබු ටිපර් රථයක් හා එහි රියදුරා ඊයේ (28) සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි අයෙකි.
මාඔය අසල පිරිසක් මාඔයට හානි කරමින් වැලි ගොඩ දමමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

