මාඔය රක්ෂිතයේ හොරෙන් වැලි කැපු 4 ක්අත්අඩංගුවට


                                                                                       
 
චන්දන ප්‍රනාන්දු                                              
                
මැටිකොටුව සිකුරුගිරිය ප්‍රදේශයේ මාඔය රක්ෂිතයට අයත් ස්ථානයක හොර රහසේ කිසිදු බලපතක් නොමැතිව වැලි කපමින් සිටි සිව් දෙනෙක් අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.                                                               
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  වයස අවුරුදු 25 ත් 35 ත් අතර පසුවන පිරිසකි.                                    
පුද්ගලයන් පිරිසක් මාඔයේ රක්ෂිතයට හානි වන ආකාරයෙන් වැලි කපමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත සූක්ෂමව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 
 
සැකකරුවන් කාලයක සිට මෙම වැලි කැපීම කර ඇති බවත් ටිපර් එකකට සෑහෙන ප්‍රමාණයකට වැලි කැපු පසු ටිපර් රථයක් ගෙන්වා වැලි ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු හෙළිවී  ඇති බව පොලිසිය පවසයි.