(සුදත් එච්. එම්. හේවා )
මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියෙක් පැවසීය.
මෙම දිනවලදි මධ්‍යම කඳුකරයට විටින් විට තද වැසි පවතින බවත් එම තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ ඉහළ යමින් පවතින බවද එම නිලධාරියා සඳහන් කළේය.
පවතින වැසි තත්වයන් සමග හැටන් කොළඹ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගවල විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්, එම තත්වයන් මත මෙම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් සියලු රියදුරන් ඉතා කල්පනාකාරීව රථ වාහන ධාවනය කරවීමට පියවර ගත යුතු බවත් හැටන් පොලිසිය පවසයි.