මා ඔය අසබඩ අවසර නැතිව මැටි කපති


මා ඔයේ සංවේදි පරිසරයට හානි කරමින් දංකොටුව දික්වෙල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් බලපත්‍ර නොමැතිව පස් හා මැටි කපන බව පරිසර සංවිධාන හා ප්‍රදේශවාසිහු පෙන්වා දෙති. එම ප්‍රදේශය දංකොටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල  ප්‍රදේශයට අයත් වෙයි. 

කිසිදු රාජ්‍ය ආයතනයකින් අවසර නොගෙන මෙම ඉඩම අයත් පුද්ගලයන් බැකෝ යන්ත්‍ර උපයෝගි කරගෙන පස් හා මැටි කපන බවත් පරිසරය රකින නිළධාරින්  හා බලය හිමි ආයතන නිහඬව සිටිම විමතිය දනවන කරුණක් බව  ප්‍රදේශවාසිහු පවසති. 

පරිසර ඇමතිවරයා ලෙස නාධිපතිවරයා මෙම සංවේදි  කලාප ආරක්ෂා කිරිමට නියෝගත කර තිබුණත් නිළධාරින්ගේ අවධානය මේ වෙත යොමු නොවී ඇතැයි ද ඔවුහු පවසති.


Untitled-1