මහේස්ත්‍රාත්ට පරුෂ වචනයෙන් බැන්න තුනක් අත්අඩංගුවට


(දයාරත්න ඇඹෝගම)
හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් සර්වන රාජා මහතා ගමන් ගත් නිල රථය මරදන්කඩවල අසලදි හරස් කරමින් අසභ්‍ය සහ පරුෂ වචනයෙන් බැන වැදුණේ යැයි කියන පුද්ගලයන් තිදෙනකු අද(25) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයන් තිදෙනෙකි. මොවුන් මාතලේ සහ ගලේවෙල පදිංචිකරුවෝ වෙති.
නොච්චියාගම ප්‍රෙද්ශයේ නිවසක පැවති අවමගුල් උත්සවයකට සහභාගිවි ආපසු හැටන් බලා යමින් සිටියදි මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට මුහුණ දී තිබූ අතර කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවට මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරිවරයා එදින කැකිරාව පොලිසියට කළ පැමිණිල්ල මත කැකිරාව පොලිසිය විසින් මෙසේ පරික්ෂණයක් ආරම්භකොට සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ.