වජිර ප්‍රසන්න
සඳුන්පුර -බඹරවාන මාර්ගය අළුත් වැඩියාකර දෙන ලෙස රජයට බල කරමින් මෙම මාර්ගය භාවිතා කරන ජනතාව අද (11) මහියංගණය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය සඳුන්පුර ප්‍රදේශයෙන් අවහිර කරමින් උත්ඝෝෂණයක නිරත වූහ.
වසර තිහකින් මෙම මාර්ගය අළුත්වැඩියා නොකළ බැවින් බෙහෙවින් අබලන්වී ඇති බව ඔවුහු පවසති.විරෝධතාවය හේතුවෙන් මහියංගණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට පැය හතරක පමණ කාලයක් බාධා සිදුවිය.
දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.සී.සී.හේරත් මහතා ඇතුළු පිරිසක් ප්‍රධන මාර්ගයේ ධාවනය වූ රථවාහන විකල්ප මාර්ග වලට යොමු කරමින් විරෝධතාවය සමතයකට පත්කිරීමට දැඩි වෙහෙසක් දැරූහ.