(නිශාන්ත කුමාර)
හසලක පොලිස් වසමට අයත් වේරගංතොට ප්‍රදේශයේ ආපන ශාලාවක් අසලදී කිසියම් පිරිසක් විසින් මහියංගණ රෝහලේ වෛද්‍යවරයකුට පහරදී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධීයෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා මහියංගණ මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරුකර යවනු ලැබ සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනකු අද (20) අත්අඩංගුවට ගනු ලැබ සිටිති.