(දයාරත්න ඇඹෝගම)
අධික වර්ෂාව හේතුවෙන් මහවිලච්චිය ගොවි ජනපදයේ නිවාස 40ක් පමණ ජලයෙන් යටවී ඇතැයි මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරි සී. චන්ද්‍රදාස මහත්මිය අද(05) පැවසුවාය.
එම නිවැසියන් නෑදෑයන්ගේ නිවෙස්වලට ගොස් මේ වනවිට නවාතැන් ගෙන සිටිති.
කුඹුරු අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් ද ජලයෙන් යටවී ඇතැයි ඇය පැවසුවාය.
පලුගස්වැව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ අශෝකමාලාගම ගම්මානයේ පාලමක් හා කුඩා විලච්චිය ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ වාන් ඇලක සපත්තු පාලමටද හානි සිදුව තිබේ.



