මහවිලච්චිය සිද්ධාර්ථ ප‍්‍රාථමික විද්‍යාලයට හිටපු විදුහල්පතිම ඉල්ලයි


(දයාරත්න ඇඹෝගම)

මහවිලච්චිය සිද්ධාර්ථ ප‍්‍රාථමික විද්‍යාලයට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අලූතෙන් පත් කරන ලද ශ්‍රේණිධාරි විදුහල්පතිවරයා ඉවත් කර හිටපු විදුහල්පතිවරයාම පත් කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අද (18) එම විද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.

මෙම විදුහලේ විදුහල්පතිවරයා ලෙස උප ගුරුවරයෙකු වසර තුනක පමන කාලයක සිට වැඩ බැලිමේ නිරතව සිටියේය. එම විදුහල්පතිවරයා මෙම කාලයේ පාසලේ දියුණුව සදහා මහත් කැප වීමකින් කටයුතු කළ අයෙක් බව පවසන විරෝධතාකරුවෝ ඔහු එම විදුහලේ විදුහල්පති ධුරයෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලති.

මෙම විද්‍යාලයට පත් කර ඇති ශ්‍රේණිධාරි විදුහල්පතිවරයා කිසිසේත් ඉවත්කළ නොහැකි බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ටි.ඒ.මානෙල් මහත්මිය පවසයි. හිටපු විදුහල්පතිවරයා සම්බන්ධයෙන් විවිධ චෝදනා ඉදිරිපත් වී ඇති බවත් ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ මහත්මිය කියයි.