රොමේෂ් මධුෂංඛ
යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවන් ජිවිතක්ෂයට පත්වු සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පවතින මහවිරු සොහොන මේ දිනයන්හි පිරිසිදු කිරීම් සිදු වෙයි.
මහවිරු සැමරුම් වැඩසටහන් නොවැම්බර් මාසය කේන්ද්‍ර කරගනිමින් පවත්වන අතර, මෙවර දෙමළ ජාතික සන්ධානය පවත්වන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතය.
මේ හේතුවෙන් කනගපුරම් මහවිරු සොහොන් ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කිරීම සිදු කරන අතර, සොහොන පිරිසිදු කිරීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ටි.කුරුකුලරාජා මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රී එස්.පසුපතිපිල්ලේ මහතා, කිලිනොච්චිය පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභා සභාපති එස්.සුරෙන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
එමෙන්ම ප්‍රදේශවාසීන් ද සහභාගී වී මහවිරු සොහොන ප්‍රදේශයේ පැවති කැළෑව කපා ඉවත් කර සොහොන් භුමිය පවිත්‍ර කිරීම් සිදු කරන අතර කනකපුරම් සුසාන භූමියේදී මියගිය කොටි සාමාජිකයින්ගේ සොහොන් කොත් කැබලි වලින් සාදන ලද ස්මාරකයක් ද පසුගිය වසරේ සිට ස්ථාපිත කර ඇත.