මහවැව නුසුදුසු ආහාර අළෙවි කළ 28 කට නඩු


(පුත්තලම - ජුඩ් සමන්ත.)
 
මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිදු කරන ලද වැටලීම් වලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි ව්‍යාපාරිකයින් 28 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
 
දින 03 ක් පුරා සිදු කරන ලද වැටලීම් වලදී ව්‍යාපාරික ස්ථාන 200 කට වැඩි ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.
 
සංචාරක හෝටල්,තොග අලවි සැල්,ආපන ශාලා,එළවළු අලවි කරන ස්ථානද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි.


ව්‍යාපාරිකයින් 38 දෙනෙකුට මෙහිදී අවවාද කර ඇත.ඔවුන් සතුව තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග රැසක්ද විනාශ කර දැමීමට වැටලීම් සිදු කළ නිලධාරීන් කටයුතු කර ඇත.

මාරවිල නගරයේ පිහිටි ස.තො.ස අලවි සැලේ තිබූ පණු කැදලි සහිත පරිප්පු කිලෝ ග්‍රෑම් 300 ක් තම බාරයට ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
 
අත්අඩංගුවට ගෙන ඇති ව්‍යාපාරිකයින්ට එරෙහිව මාරවිල දිසා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත