(ජුඩ් සමන්ත)
මහවැව - ලුණු ඔය පාලම අසල යතුරු පැදි සහ ත්‍රී රෝද රථ අළුත්වැඩියා කරන ස්ථානයකට අද (16) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා හානි කරනු ලැබ ඇතැයි මාරවිල පොලීසිය කියයි.
ගින්නෙන් ත්‍රී රෝද රථයකට සහ ගරාජයේ උපකරණ රැසකට හානි සිදුවී ඇති බවත් හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් පොලිසිය පවසයි.
ගිනි තැබීම සිදුවන අවස්ථාවේ කිසිවකු එහි සිට නොමැති අතර ජීවිත හානි සිදුව නොමැත.මෙම ගිනි තැබීම සහ 13 වැනිදා රාත්‍රීයේ සිදුවූ ගැටුමකට සම්බන්ධ බවට සැකකරන බව ද පොලීසිය කියයි.
පසුගිය 13 වැනිදා මහවැව කුඩාවැව ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා තුවාල සිදු කර තිබිණි. එම සිද්ධියට සම්බන්ධ බව කියන දෙදෙනකු මේ මස 28 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබ සිටින අතර මෙම ගරාජය ඉන් අයෙකුට අයත් බව පොලිසිය පවසයි.