(දයාරත්න ඇඹෝගම)
නිරාවිය මහවැලි සත්ත්ව ගොවිපලේ සභාපතිවරයා විසින් එම ගොවිපලේ කළමණාකරු ඉවත් කළේ යැයි කියන සිද්ධියකට එහි සේවකයන් පිරිසක් අද (22) උද්ඝෝෂණයක නිරත වුහ.
සභාපතිවරයා ගොවිපලට එමින් සිටියදී සේවකයෝ ඔහුට ගොවිපලට ඇතුළු වීමට ඉඩ නොදී උද්ඝෝෂණයේ නිරත වූහ.
කළමණාකරු ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කොට ඔහු නැවත ගොවිපලට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට සභාපතිවරයා පොරොන්දු විමෙන් අනතුරුව උද්ඝෝෂණය අවසන් විය.