මහවැලි ඉවුර කපා වැලි ජාවාරමේ යෙදුණු තිදෙනෙකු අත්අඩංගුවට


(විජේරත්න රත්නායක )

මහවැලි ගඟේ ඉවුර කපමින් මහා පරිමාණ ලෙස වැලි ජාවාරමේ නිරත වූ බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශය පැවැසීය.

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි ගොඩදැමීමේ චෝදනාව මත මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මහියංගනය උළු කම්හල අසළ මහවැලි ගඟේ වැලි ගොඩදැමීමේ යෙදෙන මහියංගනය දෙහිගොල්ල සහ වගාව යන ප්‍රදේශවල පදිංචි වයස 40 සහ 45 අතර වයස් වල පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

සැකකරුවන් සමඟ ඔවුන් වැලි ගොඩදැමීමේදී භාවිතා කළ සවල්, බාල්දි ඇතුළු උපකරණද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හා භාණ්ඩ මහියංගන පොලීසිය වෙත භාරදී තිබේ.