මහපොළ කප්පාදුවට එරෙහිව විරෝධතා


(අමල් වික්‍රමරත්න)

මහපොළ ශිෂ්‍යත්ව ආධාර මාස 10ක කපා හැරීමට එරෙහිව සහ සයිටම් ගැටළුව මෙතෙක් නිරාකරණය කිරීමට බලධාරීන් කටයුතු නොකිරීමට එරෙහිව අද (15) දහවල් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.

සයිටම් විරෝධය හමුවේ සිසුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටි මාස දහයකට ආසන්න කාලයක්  තුළ මහපොළ ශිෂ්‍යාධාර අහිමි කර ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.