පොලිතීන් හා ප්ලාස්ටික් වලින් තොර කලාපයක් ලෙස පවත්වා ගනිමින් මෙරට පළමු හරිත රෝහල බවට මහනුවර මහ රෝහල පත් කිරීම සදහා රෝහලේ අධ්‍යක්ෂ ඇතුළු පාලන අධිකාරිය රෝහල් කාර්ය මණ්ඩලය සමග එකතුව මෙම වැඩපිළිවෙළ පිළිබදව පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (21) රෝහල් භූමියේදී සිදුකෙරුණි.
හරිත රෝහලක් බවට පත් කිරිමේ ප්‍රථම අදියර යටතේ මහනුවර මහ රෝහල පොලිතීන් භාවිතයෙන් තොර කලාපයක් බවට පත් කිරීමට කටයුතු කරන බව එහි ප්‍රථම වැඩසටහන අද(21) ආරම්භ කරමින් රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා පැවැසිය.