මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු හැටන් නගරයේ හදිසි වැටලීමක


(හැටන් රංජිත් රාජපක්ෂ)                       
එළඹෙන දිපාවලි උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක්  ලබාදිමේ අරමුණින් මහජන සෞඛය පරික්ෂකවරුන් අද (03) හැටන් නගරයේ විශේෂ වැටලිමක් දියත් කර තිබේ.


නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හැටන්, මස්කෙලිය, කොත්මලේ, කොටගල සහ ලිදුල යන සෞඛ්‍ය වෛද්‍යය අධිකාරිවරුන්ගේද  එම  කාර්යයාලය යටතේ රාජකාරි කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම වැටලිම සිදු කෙරිණි.


හැටන් නගරයේ සුපිරි වෙළදසැල්, තොග සහ සිල්ලර වෙළදසැල් ආපන ශාලා සහ පදික වේදිකාවේ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන තාවකාලික වෙළඳුන්ද මෙහිදි පරික්ෂාවට ලක් කෙරිණි.


මෙම වැටලීමේදි පරිභෝජනයට නුසුදුසු අලෙවි කිරිම සඳහා සුදානම් කර තිබු ආහාර ද්‍රව්‍යය රැසක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ඔවුන් බාරයට ගෙන එවා විනාශ කළේය.


අපිරිසිදුව ආපන ශාලා පවත්වාගෙන ගිය වෙළඳුන් රැසකට එම ආපනශාලාවල ඇති අඩුපාඩුකම් සපුරාලිමට උපදෙස් ලබා දුන් අතර, අපිරිසිදු ආහාර පාන පාරිභෝගිකයින්ට ලබාදුන් ආපනශාලා හිමියන් රැසකට නෛතික පියවර ගැනීමටද මෙම වැටලීමේදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබුණි.