මහඔය ජනතා අයිතියට


මහඔය ජල සම්පාදන ව්‍යාපෘතිය මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් ජනතා අයිතියට පැවරිණි.

සැමට පිරිසිදු පානීය ජලය ලබාදීම අරමුණු කර ගනිමින් නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මගින් ජයිකා ආධාර යටතේ ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් මහ ඔය කලාපයේ ග්‍රාම සේවා වසම්  9 ක් ප්‍රතිලාභීන් 14,000 ට සෙත සැලසෙයි.  වියදම රුපියල් මිලියන දහසකි. 

ඇමැති රවුෆ් හකීම්, දයා ගමගේ, රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් එන්.ඩී. හෙට්ටිආරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් ද  ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගානුමා, ජයිකා ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත තියෝෂි අමාඩා යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

1[1] 2[1] 3[1] 4[1]