(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් මහඑළිය රක්ෂිතයේ පරිසර හානියක් සිදු කරමින් අනවසර මැණික් ගැරීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් 18 දෙනෙකු දඩ නියම කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා නියෝග කළේය.
සැකකරුවන් වරද පිළිගත් නිසා එක් සැකකරුවෙකුට රුපියල් 30,000/- බැගින් චුදිතයන් 18 දෙනාට රුපියල් පන්ලක්ෂ දසදහසක දඩයක් ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
මෙම සැකකරුවන් බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ වන වගාව , එම රක්ෂිතය හරහා ගලා බසින බෙලිහුල්ඔය ඇළ , කෙසෙල්ගමුඔය ඇළේ ඉවුරු කපා එම රක්ෂිතය තුළ වු වෙනිවැල්කැට ඇතුළු ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වු ඖෂධීය පැළැටි ගණනාවක් විනාශ කරමින් අනවසර මැණික් ගැරිමක නිරතවීම ඔවුනට එරෙහිව ඇති චෝදනාව වේ.