රේඛා තරංගනී ෆොන්සේකා
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවු ජල ගැල්මෙන් මොරටුවේ ආපදාවට පත් වු නිවාස සංඛ්‍යාව 926 දක්වා ඉහළ ගොස් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව මොරටුව ප්‍රාදේශීය ලේකම් නිමාලි කරුණාරත්න මහත්මිය පවසයි.
ග්‍රාමසේවා වසම් 12 ක නිවාස මෙසේ ජලයෙන් යට වී ඇති බව සඳහන් කරන ඒ මහත්මිය වලිප්පුව වැළදුණු රෝගීයකු වතුරට වැටීමෙන් මියගොස් ඇති බවද පැවසුවාය.
වැසිබර කාලගුණික තත්වය හමුවේ වැසි ජලය බැස නොයන තත්වයක් හේතුවෙන් නිවාස ජලයෙක් යට වුවද මේ වනවිට ජලය බැස යන තත්වයක් ඇති බවයි.
මොරටුව, තෙලවල, බොරැපන, මෝල්පේ, කටුබැද්ද, කොරළවැල්ල උතුර සහ බටහිර,විල්ලෝරාවත්ත නැගෙනහිර,බටහිර, මොරටුවැල්ල, ඉඩම යන වසම්වල ජනතාව ආපදාවට ලක්වී ඇත.