අධික වර්ෂාවත් සමග මහා පරිමාන සුළු අපනයන බෝග ගැනුම් කරුවන් අඩු මුදලට කරාබු නැටි මිලදී ගැනීමත් හේතුවෙන් මහනුවර දිස්ති‍්‍රක්කයේ සිටින කරාබු නැටි සහ ගම්මිරිස් ගොවියන් අසරණ තත්ත්වයට පත්ව ඇති බව යටිනුවර අපනයන කෘෂිකර්ම ප්‍රවර්ධන ගොවි සංවිධානයේ සභාපති ඩග්ලස් කරුනාදිපති මහතා පවසයි.
කරාබු අස්වැන්න මේ දිනවල නෙලන අතර කරාබු වියලා ගැනීමට තරම් හිරු රශ්මිය නොමැති නිසා කරාබු නැටි කුණුවන බව ද ගොවීහු පවසති.
මහාපරිමාන වෙළඳුන් අමු කරාබු නැටි කිලෝවකට රුපියල් 260ක් වැනි මුදලක් ගෙවීම අසාධාරණ බව ද ඔවුහු කියති. කැඩුම් කරුවෝ කරාබු නැටි කිලෝවකට රුපියල් 150 ක් අයකරති. උඳුනෙන් වේලන ලද කාරබු කිලෝ එකක් රුපියල් 1050 ක් මිලක් වන අතර මෙයින් ලාබ ලබන්නේ මහා පරිමාන උඳුන් ඇති ව්‍යාපාරිකයින් බවද ඔවුහු පෙන්වා දෙති.
කුඩා වියලනයකින් දිනකට කිලෝ 50 ක් පමන වියලිය හැකි අතර එවැනි උඳුනක් රුපියල් 150,000 ක් පමණ වේ. එතරම් මුදලක් ඔවුනට දැරිය නොහැකි යැයි ද කියති. මේ සම්බන්ධයෙන් බලධාරින් මැදිහත්ව විසදුමක් ලබා දියයුතු ඔවුහු පෙන්වා දෙති.
මහ වැස්සෙන් කරාබු නැටි, ගම්මිරිස් ගොවීන් අමාරුවේ
කරුණාදීපති මහතා කුඩා වියලනයක් ක්‍රියාත්මක කරමින්
Recommended Articles