මහ වැස්සත් සමඟ ආපදා රැසක්


පුෂ්පකුමාර මල්ලවආරච්චි
 
පල්ලෙවෙල කුකුල්නාපේ ප‍්‍රදේශයට අද (08) මහ වැස්සත් සමඟ හමාගිය සැඩ සුලඟක් හේතුවෙන් ගස් කඩාවැටී නිවාස ගණනාවකට හානි සිදුවී ඇතැයි මීරිගම ආපදා කලමනාකරණ ඒකකය කියයි.
 
ගස් අතු කඩා වැටීමෙන් කල්එළිය මැදගම්පිටිය මාර්ගයේ ගමනාගමනයටද  බාධා එල්ලවූ අතර ප‍්‍රදේශවාසිහු එම බාධා ඉවත් කළ අතර නිවසකට ගසක් කඩා වැටීමේදී ඒ අසල නවතා තිබූ තී‍්‍රරෝද රියක් හා යතුරු පැදියකටද හානි සිදුවී තිබේ.
 
නිවාස දහයකට පමණ  හානි සිදුවී ඇති අතර කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැති බව ආපදා කලමනාකරණ ඒකකය පවසයි.