මහ රෑ නිවසට පැමිණි කිඹුලා අල්ලයි


(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)

ගල්කිරියාගම කිරිඳිවත්ත කපුලන්ද ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි දැවැන්ත කිඹුලකු අල්ලා මින්නේරිය ජාතික උද්‍යානයට මුදා හැරීමට ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද 24 කටයුතු කළහ.

කිඹුලා එම නිවසට ඊයේ 21 රාත්‍රීයේ
පැමිණ ඇති බවට වනජීවී නිලධාරීහු අනුමාන කරති. නිවසට පැමිණි කිඹුලා අල්ලා ගසක ගැටගසා තැබීමට එම නිවැසියන් කටයුතු කර තිබිණ. නිවැසියන් ගල්කිරියාගම වනජීවී කාර්යාලයට ඒ බව දැනුම් දීමට කටයුතු කර තිබිණ. කිඹුලා දැක බලා ගැනීඹ සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද පැමිණ සිටියහ.ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක ඩී රාමසිංහ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මකව තිබූ එම කාර්යාලයේ වනජීවී නිලධාරීන් පිරිසක් හා එම කාර්යාලයට අනියුක්ත සිවිල් ආරක්ෂක නිලධාරීන් පිරිසක් මින් මද වේලාවකට පෙර කිඹුලා ආරක්ෂිතව ගල්කිරියාගම වනජීවී කාර්යාලයට රැගෙන ඒමට කටයුතු කළහ.

දිගින් අඩි 08ක් පමණ වන එම ගැට කිඹුලා හොදින් වැඩුනු එකෙකි. එම කිඹුලා මින්නේරිය ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට කටයුතු කරන බව ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂඛ ඩී රාමසිංහ මහතා අප කළ විමසීමකදී පැවැසීය.