මහ රැ බුරුත කොට ඇද්ද ජාවාරම් කල්ලියක් අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව ඕමන්ත පොලිස් වසමට අයත් පෙරිය කට්ටුකුලම් රක්ෂිතයේ සිට රහසිගතව අනවසර බුරුත දැව ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් පුලියන් කුලම් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (10) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.

පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් රැකවල් යොදා සිටින අවස්ථාවේදී අනවසරයෙන් බුරුත කඳන් තොගයක් පටවා ගත් ට්‍රැක්ටරය සහ සැකරුවන් දෙදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල ට්‍රැක්ටරය පොලිස් බාරයට ගැනීමෙන් පසුව සැකකරුවන් දෙදෙනා ඕමන්ත පොලීසියට භාර දී ඇති අතර ඔවුන් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.