මසුන් අල්ලන්න ගිය 3 ක් දියේ ගිලී අතුරුදන්


(ටී.එල්. ජවුෆර් ඛාන්)

මඩකලපුව ප්‍රදේශයේ පොකුණක මසුන් ඇල්ලීමට ගිය තිදෙනෙකු අද (25) ඔරුව පෙරැළී අතුරුදන්ව ඇතැයි කාත්තන්කුඩි පොලිසිය පවසයි.

ප්ලාස්ටික් බැරල් මගින් නිපදවූ ඔරුවක නැග පුද්ගලයන් 5 දෙනෙකු පොකුණේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර ඉන් දෙදෙනකු දිවි බේරා ගෙන තිබේ.

අතුරුදන් වූවන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.