මව පුතා දියණිය හා ලේලිය එක්ව පියාව ඝාතනය කරති


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
දෙවිනුවර කපුගම ප්‍රදේශයේදී 49හැවිරිදි ධීවර කාර්මිකයෙකුගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන එකම පවුලේ මව,පුතා,දියණිය හා ලේලිය සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවටගත් බව පොලීසිය පවසයි.
 
තම බෝට්ටුවට අවශ්‍ය ඉන්ධන රැගෙන ඒමට ගන්දර නගරය වෙත යන අවස්ථාවේදී ඔහු මෙම සිද්ධියට ලක්ව ඇති අතර  මරණකරු කතා කිරිමට නොහැකි ගොලු අයෙකු බව පොලීසිය කියයි.
 
පැරණි අමනාපයක් මෙම අපරාධයට හේතුව බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී  ඇත.
 
ඝාතනයට ලක්වු පුද්ගලයා සැකකරුවන්ගේ නිවස ඉදිරිපිට පිහිටි පාරෙන් ගමන් කරන විට ඔවුන් මග හරස් කර අතින් පයින් හා පොල්ලකින් පහරදී තිබෙන බවද උසස් පොලිස් නිලධාරියකු පැවසීය.  
 
සැක පිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලේ 43හැවිරිදි මව,26 හැවිරිදි ලේලිය,18 හැවිරිදි  දියණිය හා 14 හැවිරිදි පුත්‍රයායන සිව් දෙනෙකි.
 
ඔවුන් අද (19) මාතර මහේස්ත්‍රාත්අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඝාතනයට ලක්වු ධීවර කාර්මිකයාගේ මහේස්ත්‍රාත්  පරීක්ෂණය මාතර  මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
මාතර පොලිස් අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් මේ පිලිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.