මව ගැන නොබැලීයැයි වෛද්‍යවරයාට ගැසූ පුතෙක් සැකපිට


ඩි.ජී.සුගතපාල අහංගම සුමතිපාල දීයගහගේ 
 
තම මවට ප්‍රතිකාර ලබා ගැනිමට ඉඩ නොදුන් බව පවසා කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් බව කියන තරුණයෙකු අද (09) සවස ගාල්ල පොලිසිය   අත් අඩංගුවට ගෙන තිබේ.
 

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
 
ඔහු අද  දහවල් නේවාසිකව ප්‍රතිකාර ලබන තම මව බැලිමට  19 වාට්ටුවට ගියවිට දැනගැනිමට ලැබි ඇත්තේ වාට්ටු භාර වෛද්‍යවරයා වි   මව 17 වාට්ටුවට මාරුකර ඇති බවයි. නමුත් මව 19 වැනි වාට්ටුවේම සිට ඇත. එම අවස්ථාවේ වාට්ටුවේ සිටි වෛද්‍යවරයාගෙන් ඒ ගැන විමසූවිට වෛද්‍යවරයා පවසා ඇත්තේ එම වාට්ටුවට ගෙන යාමට කෙනෙකු නැති බවයි. 
 
මවට අමාරුනිසා ට්‍රොලියක තබාගෙන තමා එම වාට්ටුවට මව ගෙන යාමට ඔහු වෛද්‍යවරයාගෙන් අවසර ඉල්ලා සිටිවිට ‘තමුසෙට ඕනෑ විදියට කරන්න බැහැ‘ යනුවෙන් පැවසීම නිසා දෙදෙනා අතර බහින් බස්විමක් සිදුව ඇති බවත් එහිදි ඔහු වෛද්‍යවරයාට අතින් පහරදී ඇති බවත් පොලිසිය පවසයි.
 
සිද්ධිය සැලවීමත් සමග  රෝහල් පොලිසිය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත බාරදි ඇත පසුව වෛද්‍යවරයාද තමාට පහරදුන් බව පවසා රෝහල් ගතව තිබේ. සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට  නියමිතය. ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.