මව අහිමි වූ මුව පැටවා පශූ වෛද්‍ය කාර්යාලයට


රෝවන් පෙරේරා පුත්තලම


මව අහිමි වීමෙන් අතරමංවී සිටී මාස හතරක පමණ වයසවූ මුව පැටවෙකු කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් පන්ඩුලගම පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන ගිය බව කරුවලගස්වැව වනජීවී නිලධාරීන් කියයි.


මවගෙන් කිරි බොන වයසේ පසුවූ මුව පැටුවා ආහාර නොමැතිව සිටියද පශූ වෛද්‍යවරයාට පෙන්වන තුරු ආහාර කිසිවක් ලබාදිය නොහැකි බවද වනජීවී නිලධාරින් පැවසීය.


අවස්ථා තුනකදී මේ ආකාරයට අතරමන්වූ මුව පැටවුන් හමුවී ඇති අතර මසක් වැනි කෙටි කාලයක් තුල අතරමංව සිටීයදී හමුවූ සිව්වන මුව පැටවා මේ බවද වනජීවී නිලධාරීන් කියයි.


තබ්බෝව අභය භූමිය ආසන්නයේ පිහිටි ගම්මාන තුනකදී මෙම මුව පැටවුන් තිදෙනා අවස්ථා තුනකදී හමුවී ඇති අතර අභය භූමියෙහී සිට ජල කඩිති සොයා ගම්මානවලට පැමිනෙන මුවන් මස් වැද්දන් විසින් ඝාතනය කිරීම හේතුවෙන් මේ ආකාරයට මුව පැටවුන් අතරමංවී ගම්මාන ආශ්‍රිත සිටුණු දකින්නට හැකි බව අයි එම් චන්ද්‍රදාස මහතා පැවසීය.


පවතින අධික නියං තත්වය හේතුවෙන් රිලවුන් වඳුරන් හා කුඩා සතුන්ට ජලය නොමැතිව දැඩි ලෙස ප්‍රීඩාවට පත්වී සිටී.


එම සතුන්ට අවශ්‍ය ජලය සැපයීමට කටයුතු කරමින් සිටින බව පුත්තලම වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.
වයඔ වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසුවේ නියං තත්වයත් සමග ජලය සොයා එලිමහන් ප්‍රදේශවලට පැමිනෙන වන සතුන් පහසුවෙන් දඩයම් කරුවන්ගේ ග්‍රහණයට හසුවන බවත් මාස දෙකක පමණ කාලය තුල මව අහිමි මුව පැටවන් විස්සකට ආසන්න ප්‍රමාණයක් හමුවී ඇති බවත්, එම පැටවුන්ට අවශ්‍ය කටයුතු කිරීමෙන් පසුව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මුදා හරින බවත්ය.