(දයාරත්න ඇඹෝගම)
බහින් බස්විමක් දුර දිග යාමෙන් පසු බාල සහෝදරයා වැඩිමල් සහෝදරයාට දොර පළුවකින් පහරදීමෙන් පසු වැඩිමල් සහෝදරයා මියගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ තඹුත්තේගම ගම්මාන හතේ පදිංචිව සිටි සුසන්ත කුමාර (36) නැමැති දෙදරු පියෙකි.
මොවුන් ඊයේ (27) රාත්‍රියේ සිය මහගෙදරදි මෙම අරවුල ඇති කරගෙන ඇති අතර එහිදි බාල සොහොයුරා විසින් දොර ලැල්ලක පළුවකින් එල්ල කළ පහරකින් වැඩිමහල් සහෝදරයා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 33 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.