( හේමලතා ඩී හේවගේ)
කොච්චිකඩේ පොලිස් වසමට අයත් මඩම්පැල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස මල් වවනා මුවාවෙන් මල් පෝච්චිවල කංසා වගාකර තිබු පුද්ගලයකු අද (23) අලුයම අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස නීතීය බලගැන්වීමේ ඒකකය පවසයි.
මල් වවනා අයුරින් මල් පෝච්චි 50 ක කංසා පැල 12 බැගින් වගා කර තිබි ඇති අතර එම කංසා හී බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 05 ක් පමණ වන බව පොලිසිය කියයි.
කලක පටන් සුක්ෂම අයුරින් මෙම කංසා වගා කර ලොකු වු පසු විකිණිම සිදුකර ඇති අතර මෙම ජාවාරම සිදුකර ඇත්තේ 48 හැවිරිදි කුලියට ගස් කපා ජිවත් වන තිදරු පියෙකු බවද පොලිසිය සඳහන් කරයි.
මීගමුව කොට්ඨාස නීතීය බලගැන්වීමේ ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර හෙට (24) දින නඩු භාණ්ඩ සමඟ සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරිමට නියමිතව ඇත.