මරණයක් භුමදාන කරන්න ගිය 10කට බඹර ප්‍රහාර



 
(විජේරත්න රත්නායක)
 
හාලිඇල උඩුවර ප්‍රදේශයේ මරණයක් භූමදානය කිරීමට සොහොනක් කපමින් සිටි පිරිසකට බඹර ප්‍ර‍හාරයක් එල්ල වීමෙන් පුද්ගලයන් තිදෙනෙකුට වෛද්‍ය ප්‍ර‍තිකාර ලබාදීමට සිදුවී තිබේ.

හාලිඇල උඩුවර ප්‍රදේශයේ කුඩා දරුවෙකුගේ මරණයක් භූමදානය කිරීම සඳහා එම ප්‍ර‍දේශවාසීන් පිරිසක් උඩුවර අඹගස්තැන්න පොදු සුසාන භූමියේ සොහොන් වල කපමින් සිටියදී එම පිරිසේ 10 දෙනෙකු පමණ බඹර ප්‍ර‍හාරයකට ලක්වී ඇත.

ඉන් තිදෙනෙකුට හාලිඇල නගරයේ පුද්ගලික වෛද්‍ය ප්‍ර‍තිකාර මධ්‍යස්ථානයකින් ප්‍ර‍තිකාර ලබාදී තිබේ. 

ඉන් අනතුරුවද බඹරුන් ඇවිස්සීම නිසා එම සුසාන භූමියේ සෙසු කටයුතු කිරීමට නොහැකිව ඉන් කිලෝමීටර් දෙකක් පමණ දුරින් වූ උඩුවර අම්පිටිකන්ද සුසාන භූමියේ සොහොන සකසා මරණය භූමදානය කිරීමට කටයුතු කර තිබේ.