මරණ දඬුවම නියමව දසවසරක් සැඟව සිටි අයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මරණ දඬුවම නියමව දස වසරක් තිස්සේ සැඟව සිටි පුද්ගලයෙක් බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි .

 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්මිල්ල කිඳෙල්පිටිය කිතුලමුල්ල ගමගේ සමන් කුමාර නමැත්තෙකි .
 
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඝාතනයට ලක්වූ දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ වම්බොට්ටාට නැමැත්තා  ගේ සහෝදරයා බව පොලිසිය කියයි .
 
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරු නොමැතිව ඇඹිලිපිටිය අධිකරණය මගින් විභාග කළ නඩුවකින් අනතුරුව  2010 පෙබරවාරි මාසේ ලබා දුන් තීන්දුවක් අනුව සැකකරුට මරණීය දණ්ඩනය නියම වි තිබු බව පොලිසිය කියයි