මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ අයෙකුට මරණ දඬුවම


(ඔගස්ටින් ප්‍රනාන්දු)             

මනුෂ්‍ය ඝාතනයක් කර තවත් පුද්ගලයින් තුන් දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව මත පවරා තිබු නඩුවක් විභාග කළ හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනෙවිය වරදකරු වූ විත්තිකරුට අද (14) මරණ දඬුවම නියම කළාය.

මෙසේ මරණ දඬුවම හිමි වුයේ වෙන්නප්පුව කොලින්ජාඩියේ පදිංචි ඩිශාන්ත වැන්ඩලන් නමැති 37 හැවිරිදි පුද්ගලයෙකුටය.

2003 වසරේ දෙසැම්බර් මස 25 වන දින හෝ ඊට ආසන්න දිනයක දී හලාවත මහාධිකරණ බල ප්‍රදේශයේ වෙන්නප්පුව කොලින්ජාඩියේ දී වෙඩි තබා එම ප්‍රදේශයේ ජීවත් වූ ජයලත් පතිරණ්නැහැලාගේ  ත්‍රිශාන්ත මාලිංග නමැති අයගේ මරණය සිදු කිරීම හා එම අවස්ථාවේ දීම නාත්තණ්ඩිගේ ප්‍රිමාල් නිලන්ත ප්‍රනාන්දු  ගමගේ , ලසන්ත සම්පත් කුමාර  වර්ණකුලසුරියප සහ කළුගමගේ මහේෂ් නිලන්ත ප්‍රනාන්දු යන තුන්දෙනාට වෙඩි තබා බරපතල තුවාල සිදු කර ඔවුන් ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.