(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම් නගර ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පොළව හෑරූ පස් ගොඩක තිබී මිනිස් ඇටසැකිලි වලට සමාන වූ ඇටසැකිලි තොගයක් හමු වූ බව මන්නාරම් පොලීසිය කියා සිටියේය.
මන්නාරම් නගර ආසන්නයේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් සඳහා පොළව හාරා ඇති අතර හෑරු පස් තොගය වෙනත් ස්ථානයකට දැමීම සඳහා රැගෙන යමන් සිටියදී එමලිනගර් ප්‍රදේශයේ වැසියෙකු පස් ටිපර් රථය කිසියම් කටයුත්තක් සඳහා රැගෙනගොස් ඇති අතර එම පස් තොගයේ තිබී මෙම ඇටසැකිලි තොගය දැක පොලීසියට පවසා ඇත.
අනතුරුව මන්නාරම් පොලීසිය විසින් මෙම ස්ථානයට පැමිණ පස්ගොඩේ තිබී ඇටසැකිලි කිහිපයක්ම සොයාගෙන ඇති අතරම පස් හෑරු ස්ථානයේද පරික්ෂා කිරීම සඳහා මන්නාරම් අධිකරණයට දැනුම් දී ඇත.
මේ අනුව ඉදිරියේදී අධිකරණ නියොගයකින් ඇටසැකිල්ල හමු වූ ස්ථානය පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති අතරම මේ වන විට එම් ස්ථානය පොලිස් ආරක්ෂාව සපයා ඇති අතරම හමු වූ ඇටසැකිලි මිනිස් ඇටසැකිලිද යන්න සෙවීම සඳහා රජයේ රසපරික්ෂක වරයාට යොමු කර ඇතැයි පොලීසිය පවසයි.