( රංජිත් කරුණාවීර )
ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරියකට පහරදුන් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් ඇතුලු 05 දෙනෙකු මහියංගන පොලිසියට බාරවීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේමත මුදා හැරීමට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන්පුර මහතා අද (12) නියෝග කළේය.
දැඩි අවවාද මත , දැඩි ඇප කොන්දේසි මත එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප මෙහිදී නියම කෙරිණි.
ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල රැළිය සදහා සහභාගී නිවෙස් බලා යමින් සිටියදී රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනී ඩි එම් රසිකා දිල්රුක්ෂි දිසානායක මහත්මියට මෙම පහරදීම සිදු කර තිබිණි.
මෙලෙස පොලිසියට බාර වුයේ රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සිසිර බණ්ඩාර මන්ත්‍රීවරයා ඇතුලු හතර දෙනෙකුගෙන් යුතු පිරිසකි.
ඔහුන් පහරදීමෙන් පසු දින කිහිපයක් පොලිසිය මඟහරිමින් සිට මෙලෙස පොලිසිය වෙත බාරවී ඇත


