මනම්පිටියේ බස් අනතුරින් 7 ක් රෝහලට


 

සරත් නිශ්ශංක 
 
මනම්පිටිය ප්‍රදේශයේ පෙරේදා 20  වැනි දා  සවස 7 ට පමණ සිදුවූ රිය අනතුරකින් 6 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව අරලගන්විල පොලිසිය කියයි.

ඇගළුම් සේවිකාවන් රැගත්  බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මෙම අනතුර සිදුවී තිබේ . 

තුවාල ලැබුවන් පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබේ. අරලගන්විල පොලිසිය රිය අනතුර පිළිබදව පරීක්ෂණ  පවත්වයි .