මධ්‍යම පළාත් සභාවේ කාලය අදින් අවසන්


(රංජිත් රාජපක්ෂ)                      

මධ්‍යම පළාත් සභා පාලනය කාලය අද (08) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවත් ගත වූ වසර පහක පාලන කාලය තුළ මධ්‍යම පළාත් සභාව ඉතිහාසයට යමක් එක් කළ බව පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.

ප්‍රධාන අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ  මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ රුපියල් මිලියන 50 ක  ප්‍රතිපාදන යටතේ හැටන් ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කරන ලද ශ්‍රවණාගාරය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ තම පාලන කාලයේ පවත්වන අවසන් රැස්වීම මෙය බවයි.

තමන් පාලන බලයේ නොමැති වුවද 2022 වසර වෙනුවෙන් සැලසුම් කළ තිරසර සංවර්ධනය එලෙසම සිදු කරන බවද ප්‍රධාන අමාත්‍යවරයා කීය.