(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
මදුරන්කුලිය එරක්කලමිපිඩ්ඩ් දුම්රිය ස්ථානය අසල දී මෝපේඩි යතුරු පැදියකින් කේරළ ගංජා තොගයක් ප‍්‍රවාහනය කරමින් පුද්ගලයෙක් (52) විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
කේරළ ගංජා තොගය වැඩිදුර පරික්ෂණ සඳහා පුත්තලම පොලිසිය වෙත බාරදී තිබේ.
මදුරන්කුලිය වීරතෝඩේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු දීර්ඝ කාලයක සිට කේරළ ගංජා ප‍්‍රවාහනය කරමින් සිටි අයෙකු බවත් කියයි.
සැකකරු සතුව තිබු යතුරුපැදිය පොලිස් බාරයට ගෙන ඇත.