මදුනාගල විදුලි වැට වසර 5 ක් තිස්සේ බිම


(දිලීප් ජයසේකර)

සුරියවැව මදුනාගල හා අවට ගම් වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනිම සඳහා ඉදිකෙරුණු   විදුලි වැට කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොවිම නිසාවෙන් දැනට වසර පහක පමණ කාලයක සිට බිමට කඩාගෙන වැටී ඇතැයි ගම් වැසියෝ පවසති.

විදුලි වැට මේ වන විට සම්පුර්ණයෙන්ම කැලෑවට ගොස් ඇති අතර විදුලි වැටෙහි ලි කණුද දහසක් පමණ බිමට වැටි විනාශ වී තිබේ.මෙම විදුලි වැට ඉදිකිරීම සඳහා රුපියල් එක්කෝටි නව ලක්ෂයක පමණ මුදලක් වියදම් කර ඇතත් එයද අදවන විට ප්‍රථිපල රහිත වී ඇති බවයි ගම් වැසියෝ පවසති.


අද වන විට විදුලි වැට නොමැති වීමෙන් මදුනාගල, සීනිමෝදරයාය, හස්තිපුර, අටේ   කනුව, ආඩිගම, මහආර, තලල්ල, කොග්ගල්ල, හබරත්තවෙල, කරඹගලයාය, උණුදිය පොකුණ හා මහපැලැස්ස ඇතුළු ගම් රැසක් වන අලි කරදර වලට ගොදුරු වි තිබේ.

විශාල මුදලක් වියදම් කරමින් අලි වැටවල් ඉදිකිරිමේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත්,අලි වැටට සමගාමිව පතොක් වැනි ශාඛ අලි වැට දිගේ සිටු වීමෙන් වන අලි ගම් වැදීම නතර කල හැකි බවත් ගම්මුන් පවසති.