(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම උඩවෙල සමෘද්ධි සංවර්ධන නිලධාරියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පලාගිය හිටපු නාවික හමුදා සෙබළා දින 27 කට පසු අද (23) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක් වුයේ මතුගම දෙල්ගහවත්ත පදිංචිව සිටි මනෝජ් කුමාර නැමැති 44 හැවිරිදි දෙදරු පියෙකි.
සැකකරු ඝාතනයට යොදා ගත් මන්නාපිහිය සහ අත් බෝම්බයක් පොලිසිය සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හමුදා සෙබළා ඝාතනයට ලක්වූ සමෘද්ධි නිලධාරියාගේ ඥාතියෙක් බව පොලිසිය පැවැසීය.
සැකකරු ඝාතනයට ලක්වූ සමෘද්ධි නිලධාරියාගේ නිවසේ ජනෙල් පියනක් කඩා නිවස ඇතුළට අත් බෝම්බයක් දමා ගසා තිබූ බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මද වේලාවකට පසුව සමෘද්ධි නිලධාරියා නිවසින් පිටතට පැමිණීමේදී සැඟවී සිටි සැකකරු තියුණු ආයුධයකින් පහරදී පලාගොස් තිබේ.
එම අවස්ථාවේ සමෘද්ධි නිලධාරියා ද පෙරලා සැකකරුට පහරදී ඇති අතර එයින් සැකකරුගේ වම් අත සහ කණක් තුවාල වී ඇති අතර ප්‍රදේශයෙන් පලාගිය සැකකරු රාගම රෝහලෙන් ප්‍රතිකාර ලබා හොර රහසේ පිටව ගොස් ඇති බව පොලිසිය පැවැසීය.
සැකකරු ගණේමුල්ල කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ නිවසකට පැමිණි බවට පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පැවැසීය.