මත්පැන් බෝතල් 740 ක් සමඟ අයෙක් අත්අඩංගුවට


(ජයන්ත සමරකෝන්)

කොම්පඤ්ඤ විදීයේ පිහිටි කොරියානු වැඩබිමකින් රුපියල් ලක්ෂ 6 කට අධික වටිනාකමින් යුත් මත්පැන් විශේෂයකට අයත් මත්පැන් බෝතල් 740 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ විශේෂ සුරාබදු ඒකකය සමත්වී ඇත.

මේවා හොර පාරෙන් මෙරටට රැගෙනවිත් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි එම ඒකකය පවසයි.

මෙම මත්පැන් කොරියාවට ආවේණික ඒ බවත්, නීතිවිරෝධී ලෙස ආනයනය කර ඇති බවත්  විමර්ෂණවලදී අනාවරණය වී ඇති බව සුරාබදු ඒකකය කියයි.