(හැටන් රංජිත් රාජපක්ෂ)
මත්ද්‍රව්‍ය රැගෙන අද (06) නුවරඑලිය සංචාරයේ පැමිණි තරුණයන් 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.
මෙම තරුණයන් හැටන් මාර්ගය ඔස්සේ නුවැරඑලිය සංචාරය සදහා පැමිණෙමින් සිටි අවස්තාවේ හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිළාරින් විසින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදි සිදු කල හදිසි පරික්ෂාවකදි මෙම මත්ද්‍රව්‍ය්‍ය සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වි තිබේ.
මෙම සැකකරුවන් සන්තකයේ කේරල ගංජා තිබි අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරුවන් අවු 20-25 වයස් කාණ්ඩ වල පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි මෙම වැටලිම සිදු කල නිලධාරීහු කියා සිටියහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (07) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය කියයි.