(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහාපරිමාණ මත් කුඩු ජාවාරම්කරුවකු වු ‘අත්තිඩිය මර්වින් ජානා‘ නැමැත්තා සහ තවත් පුද්ගලයින් තිදෙනකු ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් හොරායින් සමඟ බත්තරමුල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම මත් කුඩු රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පොලීසියට ලැබුණු තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම මත්කුඩු තොගය අතර මත්කුඩු පැකට් 500 ක් තිබී ඇති අතර රන් පවුම් 50 ආසන්න රන් අබරණ, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව බවට සැකකෙරන රුපියල් ලක්ෂ 2 මුදල් ජංගම දුරකතන10, හා යතුරු කැරැල්ලක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.