මත්කුඩු ගන්න ගෙවල් 17 ක් බින්ද තිදෙනෙක් අත්අඩංගුවට


( සෙනරත් බණ්ඩාර )

පේරාදෙණිය ගම්පොල දවුලගල නාවලපිටිය යන පොලිස් බල ප්‍රදේශවල  නිවාස 17ක් බිඳ රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා රන් භාණ්ඩ, විදේශීය මුදල්, ලැප්ටොප් පරිගණක, ජංගම දුරකතන සහ රුපියල් 50,000 ක් පමණ මුදල් සොරකම් කළ බව කියන තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි.

අපරාධ විමර්ශන අංශය විසින් මාස ගණනාවක සිට කරන ලද විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. දේපල සොරකම් සම්බන්ධයෙන් සැකකරුවන්ට අධිකරණ වරෙන්තු ගණනාවක් තිබෙන බව පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරු මහනුවර නගරයේ ජංගම දුරකථන වෙළද සැල් 28 ක් එකම දිනයේම  බිඳ එහි  භාණ්ඩ සොරකම් සම්බන්ධයෙන් මහනුවර අධිකරණයෙන් ඇප ලබා  සිටි අයෙකු බවද පොලිසිය කියයි.

සැකකරුවන් අධික ලෙස මත්කුඩු සදහා ඇබ්බැහි වී ඇති බවත් දිනකට එක් අයෙකු රුපියල් 15,000ක පමණ මත්කුඩු අවශ්‍යතාවය මත මෙසේ සොරකම් කරන බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.