(ඩබ් ඒ පියතිලක)
හිගුරක්ගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ විහාරස්ථානයේ දහම් පාසල් දරුවන් සංවිධානය කර තිබු මත්ද්‍රව්‍ය වලින් පාසල් දරුවන් ඇතුළු තරුණ පිරිස් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් (07) දින උදැසන හිගුරක්ගොඩ පිංපාර නගරයෙදි පැවැත්විණි.
හිගුරක්ගොඩ පිංපාර ශ්‍රී ජිනේන්ද්‍රාරාමයේ විහාරස්ථානයේ විහාරාධිපති , හිගුරක්ගොඩ ජයමල පිරිවනෙහි පරිවේනාධිපති වටෝගල බුද්ධසාර නාහිමි ඇතුඵ දායක සභාව සහ දහම් පාසල් දරුවන් (07) දහම් පාසල් ආරම්භ කිරිමට පිංපාර නගරයේ සිට පා ගමනින් මෙලෙස දැනුම්වත් කිරිමේ වැඩසටහනට එක් වූහ.
දහම් පාසල් දරුවන් 300ක් පමණ සහභාගි ව් සිටි අතර ප්‍රදේශවාසීන් ද විශාල පිරිසක් එක්වූහ. හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරි එම් එස් කේ වික්‍රමනායක උපදේස් පරිදි හිගුරක්ගොඩ පොලිසියේ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද වෛද්‍යතිලක මහතා සහ පුජා පොලිස් එකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ගුණසේකර සහ රථවාහන අංශයේ නිළධාරින්ගේ පුර්ණ සහයෝගය ඇතිව මෙම මත්දුව්‍ය විරෝධි පා ගමන සංවිධානය කර තිබිණ.