(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසළදී අයිස් මත්ද්‍රව්‍ය සහ මත් කරල් තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය පවසයි.
මේවායේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වෙතියිද ඔවුහු සඳහන් කළහ .
මෙම එක් මත් කරලක් රුපියල් 100 කට අධික මිලකට අලෙවි කරන බවද තොරතුරු හෙළි වී තිබේ.
සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.