(නිශාන්ත කුමාර)
මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ මැණික් පතල් වාඩියක් මුර කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී එම වාඩියට ගිනි තැබූ බව කියන පුද්ගලයින් දෙදෙනෙක් මේ මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතා අද (08) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.
ඇකිරිය ගම්මානයේ මැණික් පතලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට අයත් වාඩියකට බීමතින් පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා පෙරේදා (06) රාත්‍රීයේ එම වාඩියේ සිටි පුද්ගලයෙකුට පොලුවලින් පහරදී වාඩියට ද ගිනි තබා බදුල්ල මහ රෝහලට ඇතුළත්ව සිද්ධියෙන් අනතුරුව ඇතිවූ බව කියන පිලිස්සුණු තුවාලවලට ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අද (08) මඩොල්සිම පොලිසිය බී වාර්තාවක් මගින් බදුල්ල උසාවිය වෙත කරුණු ඉදිරිපත්කර ඇති අතර එහි ගිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අද (08) පස්වරුවේ බදුල්ල රෝහලට ගොස් සැකකරුවන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත.