මංගලෝත්සවයට ගිය ගමන අවමංගල්‍යකින් නිමවේ


 

(අශෝක තිලකරත්න සහ විමල් ගරුසිංහ )

රන්න කට්ටකඩුව වැවේ දිය නාමින් සිටි අයෙකු අද  සවස   දියේ ගිලී  මියගොස් ඇති   බව  හුංගම පොලිසිය කියයි.
 
මෙසේ  මියගොස් ඇත්තේ බෙලිඅත්ත සිටිනාමළුවේ  පදිංචි 37 හැවිරිදි අයෙකි.

ඔහු කට්ටකඩුව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වීමට පැමිණ පසුව පිරිසක් සමඟ වැවේ දිය නාමින් සිටියදී දියේ  ගිලී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.